Friday, September 23, 2011

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු

 
හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ජෙෆ් මාෂ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට ටික වේලාවකට පෙර මේ බව නිල වශයෙන් නිවේදනය කළේය.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 50ක් සහ එක්දින තරග 119ක් ක්‍රීඩා කර ඇති ජෙෆ් මාෂ් 1987 වසරේ ලෝක කුසලානය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ද සාමාජිකයෙකි.මීට පෙර ඕස්ට්‍රේලියානු හා සිම්බාබ්වේ ජාතික කණ්ඩායම්වල  පුහුණුකරු ලෙස හා ඕස්ට්‍රේලියානු තේරීම් කමිටු සාමාජිකයකු ලෙස ද කටයුතු කළ ජෙෆ් මාෂ් ඉදිරි වසර 2ක කාලයක් ශ්‍රී ලංකා‍ කණ්ඩායමට සේවය කරනු ඇති.

No comments:

Post a Comment