Friday, September 23, 2011

මනූෂ සහ ගයන්තට එරෙහි පෙත්සම ඉවතට

 
මනූෂ නානායක්කාර සහ ගයන්ත කරුණාතිලක මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කළ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ගොනු කළ පෙත්සම අද අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කළේය.  ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මෙම පෙත්සම ගොනු කළේ, ගාල්ල දිස්ත්‍රික්කයට තරග කළ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් ලබාගත් මනාප යළිත් ගණන් කර ඒ අනුව ප්‍රතිඵල ප්‍රකාශ කරන ලෙස ඉල්ලමිනි.වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මුලික විරෝධතාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ එකම පක්ෂයක අපේක්ෂකයින්ගේ පත්වීම්වලට අභියෝග කරමින් පෙත්සමක් ගොනු කළ නොහැකි බවයි.දෙපාර්ශ්වයේම කරුණුවලට සවන් දුන් අධිකරණය වගඋත්තරකරුවන්ගේ මුලික ‍විරෝධය පිළිගනිමින් පෙත්සම නිෂ්ප්‍රභ ක‍ළේය.
අභියාචනාධිකරණ විනිසුරු සිසිර ඩි. ආබෲ ප්‍රකාශ කළේ, මනුෂ නානායක්කාර සහ ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධුර නිත්‍යානුකූල බවයි.

No comments:

Post a Comment